brand logo

විරාජ් පෙරේරා ඉන්දියාවට ගිහින් කරන්න හදන අලුත්ම වැඩේ

16 May 2019

විරාජ් පෙරේරා කියන්නේ ලංකාවේ බිහිවුණු දක්ෂතම ගායන ශිල්පියෙක්. මේ දවස්වල රසික හදවත් දිනාගත් ගායකයන් අතර ඉදිරියෙන්ම සිටින ගායන ශිල්පියෙකි. ඉතින් විරාජ් ගායකයෙක්ට අමතරව මේ දවස්වල රංගන ශිල්පියෙක් විදිහටත් වැඩ කරනවලු. රංගන ශිල්පි ගිවන්ත අර්ථසාත් අධ්‍යක්ෂණය කරන ''කාසි'' ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය සඳහා තමයිලු විරාජ් රංගනයෙන් දායක වෙන්නේ. විරාජ් කියන්නේ නම් රඟපාන්න ආවාට ගායකයෙක් විදිහට දිගටම ඉන්නවා කියලයි. මේ අතර විරාජ් ගැන තවත් ආරංචියක් ආවා ඒ අතමයි විරාජ් ළඟදීම ඉන්දියාවට ගිහින් ඉන්දියාවේදී හින්දි සින්දු කිහිපයක් නිර්මාණය කරන්න ලෑස්ති වෙනවා කියන එක. මේ වෙනකොටත් විරාජ්ගේ ඒ ගීත වලට තනු හා සංගීතය නිර්මාණය කරලාලු තියෙන්නේ. ඉන්දියාවට ගිය ගමන් ඒ සින්දු රෙකෝඩ් කරන්න විතරලු දැන් ඉතුරු වෙලා තියෙන්නේ. ඒ සින්දු අතර හැමෝම ආදරය කරන ''සාරිතා'' සින්දුවත් තියෙනවා කියලා තමයි ආරංචිය. මෙහෙම ගිහින් විරාජ් ලංකාවෙන් ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේම ගායකයෙක් විදිහට ඉඳීවිද දන්නේ නෑ ..
 

More News..