brand logo

වියළි කාලගුණික තත්ත්වය නිසා පුද්ගලයින් 4,92,000කට පීඩා

09 July 2019

පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා පුද්ගලයින් 4,92,000ක් පීඩාවට ලක්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. වියළි කාලගුණික තත්ත්වය නිසා වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ උතුරු පළාතේය. පුද්ගලයින් 1,93,170ක් උතුරු පළාතේ පීඩාවට පත්ව සිටින බව ජාතික ආදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 70,595ක්ද මන්නාරම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 63,115ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 40,093ක්ද පීඩාවට පත්ව සිටිති. මීට අමතරව නැගෙනහිඒ පළාතේ පුද්ගලයින් 155,703ක්ද, වයඹ පළාතේ පුද්ගලයින් 48,365ක්ද, උතුරු මැද පළාතේ පුද්ගලයින් 25,048ක්ද, සබරගමුව පළාතේ පුද්ගලයින් 11,291ක්ද නියගයෙන් පීඩාවට ලක්ව සිටිති. සාලිය කුමාර ගුණසේකර
 

More News..