brand logo

වියළි කාලගුණික තත්ත්වය නිසා පවුල් පනස් පන්දහසකට අධික සංඛ්‍යාවකට පීඩා

11 February 2020

දිවයිනේ මේ වන විට පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 55,846 කට අයත් පුද්ගලයන් 236,556 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලට අයත් අනුරාධපුර, පුත්තලම සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අයත් පුද්ගලයන් මෙලෙස පීඩාවට පත්ව ඇති බවයි. පීඩාවට පත් ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ලීම සඳහා බවුසර් මගින් ජලය බෙදාහැරීමේ කටයුතු සිදුකරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් පැවසීය.
 

More News..