brand logo

වියලි කාලගුණයෙන් විදුලිය බලාගාර ජලාශ ජල මට්ටම පහතට

09 February 2020

මධ්‍යම කඳුකරයේ ජල විදුලිය බලාගාර ජල පෝෂක ප්‍රදේශ වලට මාසයකට වැඩි කාලයක් තිස්සේ පවතින දැඩි වියලි කාළගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවති. ජාතික ජල විදුලි බල පද්ධතියට අයත්, ලක්ෂපාන ජල විදුලිය බලාගාර සංකීර්ණය අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියෝන්, විමලසුරේන්ද්‍ර හා පොල්පිටිය යන ජලවිදුලි බලාගාර 05 සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි. පවතින දැඩි වියලි කාලගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම ඊයේ (08) දින පෙ.ව.06.00 වන විට පිටාර මට්ටමේ සිට පිළිවෙළින් අඩි 17.5 ක් හා 18 ක් වශයෙන් පහත බැස ඇති බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ පැවසූහ. විදුලි බලාගාර ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැසීමත් සමග විදුලි බලය අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. ප්‍රදේශය පුරා සවස සහ උදෑසන කාලයේ දැඩි ශිත දේශගුණයක් පවතින අතර දිවා කාලය බෙහෙවින් උණුසුම් ය.   චන්දන ජයවීර
 

More News..