brand logo

විමල්ට එරෙහි නඩු විභාගයට දින නියම කෙරේ

15 February 2021

  මංමාවත් අවහිර කරමින් පවත්වනු ලැබූ උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් මහජන පීඩාවක් සිදුකළ බවට චෝදනා කරමින් අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු හය දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වැඩිදුර විභාගයට දින නියමකර ඇත. එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු 2016 වසරේ මෙරට සංචාරය කළ අවස්ථාවේ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් පැවැති උද්ඝෝෂණයට අදාළව කුරුඳු වත්ත පොලීසිය පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා අද (15) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ නඩුවේ වැඩි දුර විභාගය ජුනි මස 21 සිදුකරන බව දැනුම්දී ඇත. සාක්ෂි කරුවන් එදිනට ඉදිරිපත් කරන බව කුරුඳුවත්ත පොලීසිය අධිකරණය හමුවේ සඳහන්කර තිබේ.
 

More News..