brand logo

යහපාලනයේ මුල්‍ය අපරාධ නිලධාරීන් කළ මුල්‍ය අපරාධය

17 October 2020

යහපාලන ආණ්ඩුව සමයේ පිහිටුවන ලද මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එක් එක් විමර්ශන දහනවයකට අදාළව විදේශ ගතවීම සඳහා රුපියල් පහළොස් කොටියකට ආසන්න මුදලක් වැය කර ඇත. නිලධාරීන් විදේශගත වීම් 19කට ගුවන් ටිකට් පත් සඳහා තුන්කෝටි නව ලක්ෂ හැත්තෑ හතර දහසක්ද, නිලධාරීන්ට විදේශ ගමන් වියදම් ලෙස ලබා දෙන නවාතැන්, ආහාර හා අනෙකුත් වියදම් ලෙස රුපියල් දස කෝටි අටලක්ෂ තිස් අට දහස් දෙසිය හැත්තෑ නවයක් ලෙස එය වැය වී තිබේ. මෙම විදේශගත විමර්ශන සඳහා වැඩිම වාර ගණනක් මිග් 27 ගුවන් යානා මිලදී ගැනීම සඳහා විමර්ශන කිරීමට යුක්රේණයට හා සිංගප්පූරුවට වාර තුන බැගින්ද, බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි විමර්ශන සඳහා සිංගප්පූරුවට අවස්ථා දෙකකදී විදේශ ගතවී ඇත. චමින්ද සේනාරත්න
 

More News..