brand logo

විභාග දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවා නවතී

15 July 2020

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම්දෙනතුරු අද (15 වැනිදා) සිට තාවකාලිකව වසා තැබේ. සහතික පත්‍ර ලබා ගැනීමට අවශ්‍ය අයදුම්කරුවන් සඳහා, මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ හා විද්‍යුත් තැපෑල මඟින් අයදුම් කර පැය 48ක් ඇතුළත සහතික පත්‍ර නිවසට ම ගෙන්වා ගැනීමේ පහසුකම් සලසා ඇති බව අමාත්‍යාංශය පවසයි. වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් හෝ 0112784323 දුරකථන අංකය ඔස්සේ සහතික පත්‍ර ශාඛාව ඇමතීමෙන් හෝ ක්ෂණික දුරකථන අංක 1911 ඇමතීමෙන් ලබා ගත හැකිය
 

More News..