brand logo

විභාග දින ගැන අවසන් තීරණය ලබන සතියේ

02 July 2020

පාසල් ආරම්භ වීමත් සමග විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතිය තුළ දැනුම් දීමට නියමිතය. අද (02) උදෑසන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය. ඊයේ (01) දිනයේ දී ජනාධිපතිවරයා හා අගමැතිවරයා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග මේ පිළිබඳව කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද ඒ මහතා කියා සිටියේය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරියේ දී දරුවන්ට විභාගයට සුදානම් වීමට අවශ්‍ය කාලය කළමනාකරණය කරමින් විභාග පැවැත්වීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට දැනුම් දී ඇත. ඒ අනුව ලබන සතිය තුළ විභාග දින පිළිබඳ අවසන් තීරණය ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පවසා තිබේ. දරුවන්ගේ ජීවිත පිළිබඳ වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවත් එනිසා දරුවන්ට සම්බන්ධ කිසිදු තීරණයක් ආවේගශීලිව නොගත යුතු බවද අමාත්‍යවරයා කියා සිටියේය.
 

More News..