brand logo

විභාග අක්‍රමිකතාවයන් ගැන කියන්න සිසුන් පිරිසක් මහින්ද රාජපක්ෂ හමුවෙයි

15 March 2019

‍2018 වසර නාවල විවෘත විශ්ව විද්‍යාලය මගින් පැවැත්වූ නීති ප්‍රවේශ විභාගයේ අක්‍රමිකතාවයන් සිදුවී ඇති බව ඒ ගැන දැනුවත් කිරීම සඳහා විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් අද (15) පෙරවරුවේදී පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී සඳහන් කළේය. 2018-05-20 දින විභාගය පැවැත්වුවද, ප්‍රතිඵල නිකුත් කිරීමට විභාගය පවත්වා මාස 6කට වඩා වැඩි කාලයක් ගතවූ බවත් ප්‍රතිඵල සටහන නිකුත්වී සති 2ක් පමණ ගතවූ පසු නැවත ප්‍රතිඵල සටහනක් විවෘත විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියේ සඳහන් කර ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ. කෙසේ වෙතත් එම ප්‍රතිඵල සටහනේ මුල් ප්‍රතිඵල සටහනේ අසමත් සිසුන් කිහිප දෙනෙකු දෙවනුවට පළ කළ ලේඛනයේ ඉතා විශාල ලකුණු පරතරයකින් සමත්ව ඇති බවට සඳහන් වී ඇති බව ඔවුන් සඳහන් කළේය. මේ කෙරෙහි පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර තිබේ.
 

More News..