brand logo

විභජ්ජවාද මහා ධර්ම සම්භාෂණය ඇරඹෙයි

04 January 2020

විභජ්ජවාද මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පුජා වැඩමුළුව මේ වන විට (04) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී පැවැත්වෙමින් තිබේ. නිර්මල බුද්ධ භාෂිතය මතු පරපුර උදෙසා සුරක්ෂිත කිරීම අරමුණින් අනුරාධපුර ලබුනෝරුකන්ද ආරණ්‍ය සේනාසනය විසින් මෙය සංවිධාන කරයි. විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය පන්දහසක් වූ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් අද පෙරවරුවෙ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී අරම්භ වුණි. ධර්ම විනයඥානයෙන් සන්නද්ධ මහාසඟ පරපුරක් බිහි කොට සම්බුදුසසුන අරක්ෂා කිරිම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ධර්ම විනයධර විද්වත් මහා සංඝරත්න විසින් පවත්වනු ලබන දේශන හා විවෘත සාකජා මණ්ඩපයකින් එය සමන්විතයි. පන්දහසක් වූ මහා සංඝරත්නය උදෙසා ත්‍රිපිටක පන්දහසක් පූජා කිරීමේ මහා පුණ්‍යකර්මයද මෙහිදී සිදු කෙරෙයි. පන්දහසක් වූ මහා සංඝරත්නය උදෙසා ත්‍රිපිටක පන්දහසක් පූජා කිරීමේ මහා පුණ්‍යකර්මයද මෙහිදී සිදු කෙරෙයි. නිර්මල බුද්ධ භාෂිතයට වැරදි අර්ථකථන දීමෙන් සිදුවන විනාශය වළක්වාලමින් නිර්මල බුද්ධ භාෂිතය මතු පරපුර උදෙසා සුරක්ෂිත කිරීමේ අරමුණින් අසූ හාරදහසක් වූ ධර්මස්කන්දය අඩංගු ත්‍රිපිටකය ඩිජිටල් මාධ්‍යෙයන් පන්දහසක් වූ මහා සංඝරත්නය උදෙසා පූජා කිරීමේ මහා පුණ්‍යකර්මය අද ආරම්භ කෙරුණි. ත්‍රිපිටකයේ අඩංගු මෙම ටැබ් උපකරණය භාවිත කළ හැක්කේ ත්‍රිපිටක පරිශීලනය සඳහා පමණයි. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව පාලි ටෙක් සොසයිටි ආයතනයේ පළ කළ ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව සම්පුර්ණ පාලි අට්ඨකථා මාලාව ඇතුළත් 150කට අධික ඉතා වටිනා ධර්ම ග්‍රන්ථ සමග පාලි සිංහල ශබ්දකෝශයත් මෙම ටැබ් උපකරණයට ඇතුළත්. විවිද මාතෘකා යටතේ තමන්ට අවශ්‍ය සූත්‍ර දේශනා සම්පුර්ණ ත්‍රිපිටකය ඇසුරින් ඉතා පහසුවෙන් සහ ඉතා ඉක්මනින් සොයාගැනීමට විශේෂයෙන් සකසන ලද යෙදුම් අන්තර්ගතයි. වයිෆයි අන්තර් ජාල පහසුකම් හෝ වෙන් ඇන්රොයිඩ් මෘදුකාංග අඩංගු නැති බැවින් බැටරි ආයුකාලය ඉතා ඉහළයි. එක් වරක් ආරෝපණය කර ගැනීමෙන් ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේට පවා දිගු කළක් දහම් පොත් පරිශිලනය කර හැකියි. සිම්පතක් ඇතුළත් කිරීමක් සිදුකළ නොහැකි අතර කැමරා පහසුකම්ද මෙම ටැබ් උපකරණයේ අඩංගු නැත. සටහන් තබාගන්නන්ට එම සටහන් නැවත නැවත කියවා ගන්නටත් පහසුකම් මෙහි සලසා ඇත.
 

More News..