brand logo

විපතට පත්වුවන්ට සහන සලසන්න නාවික හමුදා කණ්ඩායම් 32ක් යොදවයි

07 June 2021

ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා නාවික හමුදා සහන කණ්ඩායම් 32ක් යොදවා තෙබෙන බව නාවික හමුදාව පවසයි. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එම සහන කණ්ඩායම් යොදවා ඇත. නාවික හමුදාව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේද සහය ඇතිව වක්වැල්ල පාලම තුල සිර වූ දැව කදන් ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරිමේ මෙහෙයුමක් ද සිදු කරයි. එමෙන්ම ජා ඇල දඬුගං ඔයෙහි ඉවුරු කැඩි යාමෙන් අවට ප්‍රදේශ ගං වතුර අවදානමකට ලක්වී තිබූ අතර එම අවදානම වැලැක්වීම සඳහා වැලි කොට්ට යොදා ඉවුරු පිළිසකර කිරීමේ මෙහෙයුමක්ද නාවික හමුදාව සිදු කර තිබේ.
 

More News..