brand logo

විපක්ෂ නායක සහ එ.ජා.පෙ. නායකයින් හෙට හමුවීමට ජනපති එකගවෙයි

29 November 2018

විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හෙට (30) පස්වරුවේ හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා එකඟ වී ඇති බවට කථානායක කාර්යාලය පවසනවා. ඒ, කථානායක කරු ජයසූරිය මහතා අද පස්වරු 3.30ට පමණ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමෙන් අනතුරුව ගත් තීරණයකට අනුවයි. සෑම අංශයකින්ම රට තුළ අස්ථාවර තත්ත්වයක් ඇතිවෙමින් පවතින් බවත්, විශේෂයෙන්ම රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම, ආයෝජන ක්ෂේත්‍රය හා සංචාරක කර්මාන්තයේ බිදවැටීම රටට තවදුරටත් දරා ගැනීමට අපහසු වන බැවින් ඉක්මන් විසදුම් ලබාදීම ලබාදීම කළ යුතු බවත කථානායකවරයා පෙන්වා දී තිබෙනවා. විසඳුමකට එළැඹීම සඳහා කථානායකවරයා ඉටු කරමින් සිටින කාර්යභාරය ද ජනාධිපතිතුමා මෙහිදී ඇගයීමට ලක් කර තිබෙනවා.
 

More News..