brand logo

විපක්ෂ නායක නිල රථයට හා කිරිඇල්ලගේ නිල නිවස අලුත් වැඩියාවට ඉදිරිපත්කිරීමට නියමිතව තිබු පරිපුරක ඇස්තමේන්තුව ඉල්ලා අස් කර ගනී

18 June 2019

විපක්ෂ නායකවරයා සහ තවත් අමාත්‍යාංශ කිහිපයකට වාහන මිලදී ගැනීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබු රුපියල් මිලියන 57,5465ක පරිපුරක ඇස්තමේන්තුව ඉල්ලා අස් කර ගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. එම පරිපුරක ඇස්තමේන්තුවේ දෝෂ හේතුවෙන් එය ඉල්ලා අස් කර ගන්නා බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත. යළි එම පරිපුරක ඇස්තමේන්තුව එහි පවතින දෝෂ නිවරුදි කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක වරයා සඳහන් කළේය.
 

More News..