brand logo

විපක්ෂ නායක ධුරය සජිත්ට දෙන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් 57කගේ අත්සනින් කථානායකට ලිපියක්

28 November 2019

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනෙකු විසින් අත්සන් තබන ලද ලිපියක් කථානායකවරයා වෙත භාර දී ඇත. ඊයේ(27) පස්වරුවේ මෙම ලිපිය කථානායකවරයා වෙත භාරදී ඇති බව කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයාගේ අවධානය එම මන්ත්‍රීවරුන් විසින් කර ඇති ඉල්ලීම පිළිබඳව යොමු කරවන ලද ලිපියක්, ආදාළ අත්සන් 57 සහිත ලිපියේ පිටපතක්ද සමඟ මේ වන විට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා වෙත කථානායක කාර්යාලය මඟින් යොමු කර ඇත. එමඟින් කථානායකවරයා දන්වා ඇත්තේ ඉහත කී මන්ත්‍රීවරු 57 දෙනාගේ ඉල්ලීම පිළිබඳවද අවධානය යොමුකොට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නිල වශයෙන් තමා වෙත දැනුම් දෙන ලෙසය.
 

More News..