brand logo

විපක්ෂ නායකගෙන් කථානායකට ලිපියක්

03 May 2019

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ලබන 07වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු වැඩසටහන සම්බන්ධයෙන් කථානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත. ඒ, අප්‍රේල් 21 වන දා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට වැඩි කාලවේලාවක් ලබාදෙන ලෙස ඉල්ලමින්ය. එම ලිපිය මගින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ මෙම ඛේදවාචකයත් සමඟ සංචාරක කර්මාන්තය මෙන්ම ඒ ආශ්‍රිත ජීවනෝපාය මාර්ගයක් මුළුමනින්ම අඩපණ වී ඇති බවත් මිය ගිය සහ තුවාල ලැබූවන්ගේ පවුලේ සාමාජිකයන් ද ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත්ය. මෙම තත්ත්වය පිළිබදව සලකා බලා එම ඛේදවාචකය සම්බන්ධයෙන් මැයි 7 වන දා පැවැත්වෙන විවාදයේදී මහජන නියෝජිතයන්ට අදහස් දැක්වීමට වැඩි කාලවේලාවක් ලබාදෙන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කථානායකවරයාගෙන් ඉල්ලා ඇති බව සඳහන් වන අතර එදින පාර්ලිමේන්තු වැඩසටහනට අනුකූල පස්වරු 5.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වීමට යෝජිත සභාව කල් තැබීමේ යෝජනාවට අදාළ විවාදය, රට තුළ පවතින තත්ත්වය විශේෂ තත්වයක් ලෙස සළකා එදින පස්වරු 1.00 සිට රාත්‍රි 7.30 දක්වා පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.
 

More News..