brand logo

විපක්ෂ නායකකම ගන්නැයි රනිල් කළ යෝජනාව ගැන කරු තවම නිහඬයි

03 December 2019

විපක්ෂ නායක ධුරය භාර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කථානායක කරු ජයසූරියට යෝජනා කර ඇත. විපක්ෂ නායක ධුරය පිළිබඳව මතුව ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා කළ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. විපක්ෂ නායක ධුරය භාරගෙන පක්ෂය මෙහෙය වීමද සිදුකරන ලෙසත්, නායකත්ව මණ්ඩලයක් ස්ථාපිත කරන ලෙසත්,පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යෝජනා කර ඇත. එම නායකත්ව මණ්ඩලය කේන්ද්‍ර කර ගනිමින් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමටද සැලසුම් කර තිබේ. එක්සත් ජාතික පක්ෂ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ භාරයේම තබාගැනීමට මෙම ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීමේදී තීරණය කර ඇත. මෙම යෝජනාව සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. උදයජීව ඒකනායක  
 

More News..