brand logo

විපක්ෂය ජාතිවාදයක් ඇති කරන්න උත්සහයක - රවීන්ද්‍ර සමරවීර

04 February 2019

නව ව්‍යවස්තාවක් ගැන කියමින් විපක්ෂය රටේ නැවතත් ජාතිවාදයක් ඇති කරන්න උත්සහයක නිරත වෙමින් සිටිනවායැයි කම්කරු හා වෘත්තිය සමිති සබධතා කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පැවසිය. ඒ මහතා මේ අදහස් පල කලේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධව විපක්ෂය කරන චෝදනා වලට වැලිමඩ ප‍්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. අමාත්‍ය වරයා වැඩි දුරටත් මෙසේද පැවසිය ''පාර්ලිමේන්තුවේදින් හා ඉන් පිටතදිනුත් අපිට පේනවා විශේෂයෙන් විරුද්ධ පක්ෂය මේ ගැන වැරදි අවබෝධයක් මේ රටට දෙනවා. මේ රටේ ව්‍යවස්ථාවේ වෙනසක් සිදුවිය යුතුයි කියන මතයක් මේ වන විට මේ රටේ ජනතාව අතර තියෙනවා. විපක්ෂයත් කියනවා ඒක සිදුවිය යුතුයි කියලා. ඒ අය මේක යොදා ගන්න හදනවා ඊ ලග මැතිවරණයේදි මේක ඒ අයගේ සඨන් පාඨය හැටියට. එදා අගමැති තුමා මේක කිව්වම මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා එහෙනම් රටේ ජනතාව ඉදිරියට ගිහින් මේක අහමු කියලා. මොකද්ද අහන්නේ කියලා කිවුවම මහින්ද රාජපක්ෂ කියන්නවා අපි කියන්නම් අපි රට බෙදනවාට විරුද්දයි කියලා. ඕගොල්ලෝ කියන්න අපි රට බෙදනා කියලා. එහෙම කරලා අපි මහජනතාවගේ හතය විමසුම කියනවා. රට බෙදන්න ඕනි කියන එකක් මේ ව්‍යවස්ථාවේ කොහෙවත් නැහැ. බුද්ධාගමට හිමි තැන නැති කරනවා කියන එක මේ ව්‍යවස්ථාවේ කොහෙවත් නැහැ. ඉතිං අපිට පේනවා මේ අය මේ දේ මුලට දාගෙන වෙනම තත්වයක් මේ රටේ ඇති කරන්න උත්සහ දරනවා. අපි එක දෙයක් මතක තබා ගන්න ඕනි. ඉතිහාසයේ අපිට මතකයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලේ එතුමිය මේ ප‍්‍රශ්ණය සදහා විසදුමක් ලබා දෙන්න එදා කටයුතු කලා. එදා පාර්ලිමේන්තුවේ හිටිය ද්‍රවිඩ පක්ෂ එතනින් අයින් වුනා. ඊට පස්සේ ඩඞ්ලි සේනානායක මහත්තයා ඩඞ්ලි චෙල්වනායගම් ගිවිසුම් ගෙනල්ලා මේ ප‍්‍රශ්ණයට විසදුමක් දෙන්න බැලූවා. ඒ වෙලාවෙදිත් පාර්ලිමේන්තුවේ හිටිය ද්‍රවිඩ පක්ෂ එතනින් අයින් වුනා. නමුත් මේ අවස්තාවේදී අපි කියන්න ඕනි මේ රටේ පළමු වෙනි අවස්තාවට මේ කරන්න හදන ව්‍යවස්තා සංශෝධනයට මේ අපි යෝජනා කරලා තියෙන දේට පැහැදිලිවම ද්‍රවිඩ සන්ධානය ඒ අයගේ කැමැත්ත ප‍්‍රකාශ කරලා තියෙනවා. ඉතිං මේක කොහොමද කරන්නේ මේකට මොකක්ද ඇතුල් වෙන්නේ මේකෙන් අපි මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක අපි හැම දේශපාලන පක්ෂයක් එක්කම සාකච්ජා කරලා ඒ අනුව කෙටුම්පතක් හදලා ඒ කෙටුම්පත තුලින් තමයි මේක කරන්න ඕනි. ඒ ගැන අදහස විතරයි තාම තියෙන්නේ. යෝජනා කිහිපයක් තියෙනවා. හැම දේශපාන පක්ෂයක් එක්කම මේ ගැන කතා කරලා මේ රටට ගැලපෙන විදිහට මේ රටේ බුද්ධාගමේ අනන්‍යතාවය රැුකෙන විදිහට මේ රටේ සියළු ජාතින් එක ජාතියක් විදිහට ජීවත් වන විදිහට ඒ කටයුත්ත කරන්නේ. මේ දේ කඩාකප්පල් කරන්න දේශපාලන වාසි ගන්න සමහරු හදනවා නොයෙක් නොයෙක් කතන්දර කියලා මේ දේ කඩාකප්පල් කරන්න. අපි මේ රටේ ජනතාවගෙන් සහ ඒ දේශපාලන පක්ෂ වලින් පළමු වතාවට දෙමළ සන්ධානයත් මේ සදහා එකගතාවය පල කරලා තියෙන අවස්තාවක ඒ දේන් ප‍්‍රයෝජනයක් අරගෙන අපි සිය`එ දෙනාම එකතු වෙලා මේ රටට ගැලපෙන විදිහට ඒ සංශෝධනයක් ඇති කල යුතුයි කියන මතයේ තමයි අපි ඉන්නේ'' යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 

More News..