brand logo

විපක්ෂයේ මන්ත්‍රීවරුන් 17දෙනෙකු පනින්න සූදානම්ලු

22 September 2020

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17දෙනෙකු මේ වන විටත් ආණ්ඩුව සමග එක්වීමට කැමැත්ත පළකර ඇති බව කෘෂිකර්මාන්ත අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමිනි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 17දෙනෙකු නොව මන්ත්‍රීවරුන් 20දෙනෙකු ආණ්ඩු පක්ෂයට ගැනීමට කටයුතු කරන බවයි. මේ වන විටත් අග්‍රාමාත්‍යවරයාට, තමන්ට මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසකට දිනපතා දුරකථන ඇමතුම් ලබාදෙමින් ඇමතිකම්, මෝටර් රථ ඇතුළු වරප්‍රසාද නොමැති බව පවසමින් හඩාවැලපෙන බවද මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය කතාවේදී කියා සිටියේ "තමන් රටට ලොවට වදාපු අම්මලා තාත්තලාට අවමාන කරන කිසිම පුද්ගලයෙක්, කිසිම මහජන නියෝජිතයෙක් සමගි ජන බලවේගයේ නෑ. තමන්ගේ ආත්මය තුට්ටු දෙකට, සිල්ලරයට, ඇමැතිකම්වලට, වරදානවලට, වරප්‍රසාද වලට, මුදලට පාවාදෙන කිසිම පුද්ගලයෙක් සමගි ජන බලවේගයේ නෑ"
 

More News..