brand logo

විපක්ෂයේ ගයන්ත ආණ්ඩු පක්ෂයේ සිටි නිල නිවසම ඉල්ලයි

15 February 2020

ආණ්ඩු පක්ෂ සංවිධායක ලෙස තමන් භාවිත කළ නිල නිවස යළි ලබා දෙන ලෙස පසුගිය රජයේ හිටපු ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ. ගයන්ත කරුණාතිලක මහතා ලිඛිතව මෙම ඉල්ලීම කර ඇත. එම නිවස යළි ලබා දීමට පියවර ගන්නා බව ‘‘සති අග අරුණ’’ කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් ආණ්ඩු පක්ෂ සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය. හිටපු ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරයි. උදයජීව ඒකනායක
 

More News..