brand logo

විපක්ෂයට දේව සාපයක් වැඳිලා -ජොන්ස්ටන්

23 June 2020

අවුරුදු පහක් යන්න ඉස්සෙල්ලා කෑලි කෑලි වලට කැඩිලා බෙදිලා කුලල් කාගන්න තැනට වැටිලා දේව ශාපයක් වගේ ඔවුන් අද විනාශ වෙලා යනවා යයි ජොන්ස්ටන්  ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පොල්ගහවෙල (23) දා පැවති ජන හමුවක් අමතමිනි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙවර මැතිවරණය අපිට වාසිදායකයි මුළු විපක්ෂයම සුනු විසුනු වෙලා කැඩිලා  ගිහිල්ලා ඔය විපක්ෂය තමයි මහින්ද රාජපක්ෂ මහත්තයට පහර දුන්නේ කොහේ  විපක්ෂයම තමයි එකතුවෙලා ඒ කාලයේ හංසයාව ජයග්‍රහණය කළේ මහින්ද මහත්තය පරාද කරලා විතරක් නෙවෙයි අපහාසත් කළා . විපක්ෂයේ අය අවුරුද හතර හමාරයි  ආණ්ඩු කළේ ඔක්කොම සුනු විසුනු වෙලා ගියා අවුරුදු පහක් යන්න ඉස්සෙල්ලා කෑලි කෑලි වලට කැඩිලා බෙදිලා කුලල් කාගන්න තැනට වැටිලා දේව ශාපයක් වගේ එවුන් අද  විනාශ වෙලා යනවා ඒ නිසා අපිට ලේසියි මෙදා මැතිවරණයට මුහුණ දෙන්න . කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපි වාසනාවන්ත පිරිසක් මොකද මහින්ද  මහත්තයා මෙහෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන එක ඔබතුමා ආපු නිසා යාන්තම්  ගියවර පැරදුණේ නැහැ ඒ නිසා අපිට ඔබතුමා ශක්තියක්. හැබැයි 2015 වගේ අදටත්  යටින් විසබීජ යනවා මහින්ද මහත්තයට ඇතිවෙන්න ඡන්ද තියෙනවා ඒ නිසා මහින්ද  මහත්තයට ඡන්දය දෙන්න ඕනේ නැහැ යටින් විසබීජ රන් යන අයත් ඉන්නවා මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ඒ ගැටවලට නම් අහු වෙන්න එපා යැයි  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 

More News..