brand logo

විනිසුරු ධම්මික හේමපාල කොළඹ අපරාධ කොට්ඨාසයට

21 January 2020

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග සිදු කළ සංවාදයක් හේතුවෙන් වැඩ තහනමට ලක්ව සිටින බද්දේගම මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (21) ප්‍රකාශයක් ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග සිදුකළ සංවාදය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහායි. ආන්දෝලනාත්මක මෙම දුරකථන හඩපට සම්බන්ධයෙන් මීට පෙර හිටපු විනිසුරු පද්මිණී රණවක මහත්මිය සහ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ද ප්‍රකාශය ලබාදුන්නේය.
 

More News..