brand logo

විනිසුරුගේ වැරදි තීරණ ලංකාවට අවාසියක්

13 February 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර කිංග්ස්මෙඩ් පිටියේ මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී විනිසුරු වැරදි තීරණ දෙකක් හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ලව තිබෙනවා. තරගයේ දෙවැනි පන්දුවාරය යොමුකළ විශ්ව ප්‍රනාන්දුගේ අවසන් පන්දුවේදී දකුණු අප්‍රිකානු පිතිකරු හෂීම් අම්ලා කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවුණා. මේ සඳහා විශ්ව ප්‍රනාන්දු දැඩි ඉල්ලීමක් කළත් විනිසුරු විසින් එය ප්‍රතික්ෂේප කළා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාත්න විනිසුරු තීරණය නැවත විමසීමට කටයුතු කළත් එය විනිසුරු අලීම් ඩාර් ප්‍රතික්ෂේප කළේ විනිසුරු තීරණයක් නැවත විමසිය යුතු තත්ත්පර 15ක් තුළ එම ඉල්ලීම නොකළ බව සඳහන් කරමින්. කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න එම ඉල්ලීම කර තිබුණේ තත්පර 13.79ක් තුළයි. විනිසුරුගේ වරදින් නැවතත් අම්ලාට පන්දුවට පහරදීමට අවස්ථාව හිමිවුණා. නැවතත් 7 වැනි පන්දුවාරය යොමුකළ සුරංග ලක්මාල්ගේ පළමු පන්දුවට ස්ලිප්හි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් අම්ලාගේ උඩපන්දුව ලබාගත්තත් පන්දුව බිමට පතිත වූ බවට විනිසුරු කේටල්බ්‍රෝ සඳහන් කරමින් ඔහු නොදැවුණ ක්‍රීඩකයෙන් බවට නම් කළා. නමුත් පුනරූපන අනුව පෙනී ගියේ අම්ලා දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙසයි. ඒ අනුව ඔහු පිටියෙන් ඉවත්විමට තීරණය කළා. මේ අවස්ථාවේදී විස්තර විචාරක කටයුතුවල නිරත වෙමින් සිටි මයිකල් හෝල්ඩින් සඳහන් කළේ “ එය දැවී යාමක් නොවෙයි නම් මම නැවතත් කැරිබියන් බලා යනවා” යනුවෙන්.
 

More News..