brand logo

විනිෂ්‍යකාරවරයෙකුට දුරකථන සංවාදයක් දුන්නේ නැති එකම අගමැති රනිල් - තලතා

01 February 2019

අද දවසේ අධිකරණයේ ස්වාධිනත්වය ගැන ගොඩක් කතා කරනවා. අධිකරණයේ ස්වාධිනත්වය ඇති කරන එකේ වගකීම තියෙන්නේ අපිට විතරක් නෙමෙයි. රටේ විධායක හැටියට අතිගරු ජනාධිපති තුමාට විශාල වගකීමක් තියෙනවා යැයි අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසීය. අමාත්‍ය තුමිය මේ බව පැවසුවේ වැලිමඩ දඹවින්න ප‍්‍රදේශයේ ඉදි කරනු ලබන නව අධිකරණ සංකීර්ණය සදහා මුල් ගල් තැබීමේ අවස්ථාවට එක්විමෙන් පසු පැවති හමුවකදී අදහස් දක්වමිනි. මේ සදහා රජය වැය කරන මුදල රුපියල් ලක්ෂ 3728 කි. වැලිමඩ දඹවින්න ප‍්‍රදේශයේ මහල් දෙකකින් යුතුව ඉදිකරණ නව අධිකරණ සංකීර්ණය තුල දිසා අධිකරණයක් මහේස්ත‍්‍රාත් අධිකරණයක් , කාර්යාල පහසුකම් , වාහන නැවතිමේ පහසුකම් සහ ජනතාව සදහා අවශ්‍ය පහසුකම් සියල්ල ඉදිකිරීමට නියමිතය. මෙහි වැඩ කටයුතු 2021 වර්ෂයේ අවසන් කිරීමට නියමිත අතර ඉංජනේරු කාර්යන් පිළිබද මධ්‍යම උපදේශණ කාර්යාංශය මගින් මෙහි ඉදිකිරීම් සිදු කරන අතර රජය මේ සදහා මුදල් වැය කරයි. සභාව ඇමතු අමාත්‍ය වරිය වැඩිදුරටත් මෙසේද පැවසිය. දේශපාලනය පක්ෂ ප‍්‍රතිපත්ති මත ඉදගෙන කරන්න පුළුවන් හැබැයි රටක් හැටියට අපේ වගකීම් මොනවද කියලා අපි ඉෂ්ඨ කරන්න අවශ්‍ය වෙනවා. ඒ සම්බන්ධව විශාල වගකිමක් විධායකයට තියෙනවා. නිවැරදි තින්දු තිරණ අරගෙන විශේෂයෙන් විනිෂ්චයකාරවරුන් පත් කිරීමේදි උසස් විම් ලබා දිමේදි සහ අධිකරණය ස්වාධිනයි කියන තැනට හිතට එකගව කටයුතු කරන්න පුළුවන් විදිහට ව්‍යවස්ථාදායක හැටියට අග‍්‍රාමාත්‍ය තුමත් අපිත් බොහොම සතුටින් වැඩ කරනවා මොකද කට ඇරලා අපිට කියන්න පුළුවන් කිසිම දවසක අපි විනිශ්චයකාරතුමෙකුට දුරකථන සංවාදයක් දිපු නැති අගමැතිවරයෙක් හිටියනම් ඒ අපේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමයි. ඒ ගැන ඇමති තුමිය හැටියට මටත් සතුටු වෙන්න පුළුවන්. ඒ අංශ දෙකෙන් ඒ කාර්ය භාරය හරියට ඉෂ්ඨ වෙනවා නම් අධිකරණය ඉබේම ස්වාධින වෙනවා. රජය හැටියට අපි අපේ වගකීම් ඉෂ්ඨ කරලා තියෙනවා. අද හත්ලක්ෂ තිස්දහකට වැඩිය විශාල නඩු ප‍්‍රමානයක් මේ අධිකරණ වල ගොඩගැහිලා තියෙනවා. මේකට පිළියම් අපි තාමත් හොයනවා. සමහර විට ඉදිරියේදී පළාත් බද අභියාචනාධිකරණ කොළඹින් පිටතට පලාත් මට්ටමට ගෙනියන්න ඉඩ තියෙනවා. මේ සිවිල් අභියාචනාධිකරණ වෙනුවට. මේ කටයුතු මේ ආකාරයෙන් කරන්නේ ගම්බද ජීවත් වන ඔබ සියලුදෙනා ගැන කල්පනා කරලා. ලගදී දවසක මමයි ලේකම් තුමයි එක්ක එක මහත්මයෙක් කිව්වා එයාගේ වකු ගඩුවක් දෙන්න කතා කරලා තියෙනවා කියලා. ඇයි කියලා ඇහැවම කිව්වා මගේ තියෙන සියලු දේ නඩුවක් නිසා වික්කා දැන් ඉතිරිවෙලා දෙන්න තියෙන්නේ එච්චරයි. ඒ නිසා වකු ගඩුව දෙනවා. මේ නඩුව ඉවර කරගන්නේ නැති වමට මැරෙන්න බැහැ. මගේ දරුවන්ට සහනයක් දෙන්නේ නැති වමට මැරිලා යන්න බැරි නිසයි ඒ දේ කරන්නේ කිව්වා. සමහර අය මේ අංශය ගැන පොඞ්ඩක්වත් හිතන්නේ නැහැ. අවසානයේ රටක් හැටියට සියලුදේම හරියන්නේ අධිකරණයේ ස්වාධිනත්වය තියෙනවානම් විතරයි. ඒකේ වගකීමෙන් මිදෙන්න රාජ්‍ය නායකයට හෝ පාර්ලිමේන්තුවේ අපි හෝ අධිකරනයේ කටයුතු කරන විනිෂ්චය කරුවන්ට හෝ කිසිකෙනෙකුට මිදෙන්න බැහැ යැයිද අමාත්‍ය වරිය වැඩි දුරටත් පැවසිය. මෙම අවස්තාවට අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ තලතා අතුකෝරළ මහත්මිය , කම්කරු හා වෘත්තීය සමිති සබධතා කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා , ඌව පළාත් ආන්ඩුකාර මාර්ෂල් පෙරේරා , පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් වන චමින්ද විජේසිරි , අරවින්ද කුමාර් යන මහත්ම මහත්මින් හා විනිසුරුවරුන් , රාජ්‍ය නිළධාරින් , නිතිඥයින් , මහජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. ප්‍රේමලාල් රත්නායක වැලිමඩ
 

More News..