brand logo

විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපති ඇතුළු තිදෙනාගේ නඩුව පෙබරවාරි මස 05 වනදා දක්වා කල්යයි

26 November 2019

විනිමය හා සුරැකුම්පත් කොමිසමට අයත් රුපියල් ලක්ෂ 50ක මුදලක් "තාරුණ්යයට හෙටක්" සංවිධානයේ කටයුතු සඳහා ලබා දීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් එම කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩු වැඩිදුර විභාගය පෙබරවාරි මස 05 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද (26) නියෝග කළේය. මෙම නඩුව අද කැඳවුම් ලැබූ අවස්ථාවේදී ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනා අධිකරණයේ පෙනී සිටියහ. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 05 වනදා දක්වා කල් තබන බව සඳහන් කළේය එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද සාක්ෂිකරුවන්ට විනිසුරුවරයා අවවාද කළේය. පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ විනිමය හා සුරැකුම්පත් කොමිසමට අයත් රුපියල් ලක්ෂ 50ක මුදලක් "තාරුණ්‍යට හෙටක්" සංවිධානයේ කටයුතු සඳහා ලබා දීම තුළින් රජය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් එම කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, එහි හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දම්මික පෙරේරා සහ තාරුණ්‍යට හෙටක් සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු වන රොනී ඊබ්‍රහිම් යන අයට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ. (අධිකරණ වාර්තාකරු )
 

More News..