brand logo

විනාඩි 20න් පරීක්ෂණ ප්‍රථිපල දෙන' කොවිඩ් මැෂිම

24 October 2020

කොවිඩ් රෝගීන් සොයා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි. මෙම ක්‍රමය යටතේ විනාඩි 20ක් ඇතුළත වාර්තාව ලැබෙන අතර රෝගීන්ට ප්‍රතිකාර කිරීමද කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (රසායන සේවා) විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් පවසයි. දැනට ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් සෙවීම සඳහා පී.සී.ආර්. පරීක්ෂාව පමණක් සිදු කෙරේ. කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ දින සිට මේ දක්වා පී.සී.ආර්. පරීක්ෂණ හාර ලක්ෂ තිස් පන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සිදු කර ඇත. ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවේදී අවශ්‍ය සාම්පල ගැනීම හෙදියකට හෝ වෙනත් පුහුණුව ලත් පුද්ගලයකු ලබා ගෙන රසායනාගාරයකට යොමු කිරීමට හැකියාව ඇත. පී.සී.ආර්. පරීක්ෂාවේදී පරීක්ෂණ වාර්තාවක් ලබා දීමට පැය හයක පමණ කාලයක් ගත වෙයි. මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන රසායනාගාර සංඛ්‍යාව 24කි. පී.සී.ආර්. පරීක්ෂණ 1000 දෛනිකව සිදු කළ හැකි රසායනාගාරයක් කටුනායක ගුවන් තොටුපොළේ ස්ථාපිත කර ඇත. එහි පී.සී.ආර්. යන්ත්‍ර සවි කිරීම මේ වනවිට සිදු කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. උදයජීව ඒකනායක
 

More News..