brand logo

විධායක ක්‍රමය අහෝසි කරන්න මෛත්‍රී, රනිල්, මහින්ද එක්විය යුතුයි - සුනිල් හඳුන්නෙත්ති

21 September 2019

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ලෙස පාර්ලිිමේන්තුවට ඉදිරිපත් කර ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ යෝජනාව ජයග්‍රහණය කිරීමට නම් මෛත්‍රී රනිල්, මහින්ද යන තිදෙනාම එක්ව පෙන්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ යෝජනාවක් පිළිබඳ කතා කිරීමට හදිසි කැබිනට් රැස්වීමක් පසුගිය බ්‍රහස්පතින්දා (19වැනිදා) පැවැත්වූ අතර එයට කැබිනට් මණ්ඩලයේ ඇමැති බහුතරයක් විරෝධය පළ කළහ. කෙසේ වෙතත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසට සිය පක්ෂය ගෙන ආ යෝජනාව අවසන් අදියරේ පවතින හෙයින් ඒ සඳහා ප්‍රධාන පක්ෂ තුනේ නායකයන්ගේ සහාය ලබා ගෙන එය සම්මත කළ යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. එසේ නොමැති නම් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස නව යෝජනාවක් ගෙන ආ යුතු අතර එහෙත් එම යෝජනාව කඩිනමින් ගෙන ඒමට නොහැකි බව ද ඔහු සඳහන් කළේය. අපි ළඟ ඉන්නේ මන්ත්‍රීවරුන් හයදෙනයි. තුනෙන් දෙකක සම්මත කරන්න නම් මන්ත්‍රීවරුන් 150ක් අවශ්‍යයි. තව 144 දෙනෙක් අවශ්‍යයි ඒක සම්මත කරගන්න. ඒ නිසා රනිල් - මෛත්‍රී - මහින්ද යන තුන්දෙනා නම්කර ගෙන එය සම්මත කර ගත හැකි යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය. චමින්ද සේනාරත්න
 

More News..