brand logo

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික දරුවන්ට උසස් පෙළ හා සාමාන්‍ය පෙළ ලියන්න අවස්ථාවක්

12 June 2019

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උ.පෙළ විභාග වලට පිටරටදීම පෙනීසිටීමට අවස්ථාව සලසන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි. අනාගතය අධ්‍යාපනය මත පදනම්ව පවතින බැවින් නව ප්‍රවණතා හඳුනාගෙන සීමා මායිම් ඉක්මවා හැමදෙනාම ක්‍රියා කරන්නේ නම් බොහෝ වෙනස්කම් සිදුකළ හැකි බවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාග සහතිකපත් නිකුත් කිරීම එවැනි නවමු නිර්මාණශීලි වැඩපිළිවෙලක් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය. විභාග දෙපාර්තමේන්තුව නවීකරණය සඳහා 2017 ඔක්තොම්බරයේදී පත්කරන ලද විද්වත් කමිටුවේ විද්‍යාත්මක නිර්දේශ මත අ.පො.ස.සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතිකපත් මාර්ගගත (online) ක්‍රමයට නිකුත් කිරීම ඇරඹීම නිමිත්තෙන් විභාග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (11දා) සවස පැවති උත්සවයකදී අමාත්‍යවරයා එසේ සඳහන් කළේය. .
 

More News..