brand logo

විදේශිකයෙක් නුගේගොඩ ගංජා වවලා

28 September 2020

තම නිවසේ ගංජා පැළ වගා කළ ස්වීඩන් ජාතික පුද්ගලයකු නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් පෙරේදා (26දා) මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. අවුරුදු 20 ක පමණ කාලයක් මෙම ස්වීඩන් ජාතිකයා ශ්‍රී ලංකාවේ ජීවත්ව ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ. සරුවට වැඩුණු ගංජා පැළ 7 ක් සැකකරුගේ ගෙවත්තේ තිබී සොයාගෙන ඇති අතර ඔහු විසින් ස්වීඩන් ජාතිකයන් අතර මෙම ගංජා බෙදාහැර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරුගේ පියා ශ්‍රී ලාංකික ජාතිකයකු වුවද මෙම සැකකරු ද්විත්ව පුරවැසි භාවයක් නොමැති පුද්ගලයකු බවද විමර්ශනවලදී හෙළිවී තිබේ. උප පොලිස් පරීක්ෂක එච්. ඒ. ජයසූරිය විසින් ඉදිරි විමර්ශන සිදුකරයි. හේමන්ත ලියනපතිරණ
 

More News..