brand logo

විදේශිකයින්ට සංචරණයට බාධාවක් නෑ

16 May 2021

මෙරටට පැමිණ සිටින විදේශ සංචාරකයන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරමින් සංචාරක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරය කිරීමේ හැකියාව පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබේ. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කර තිබෙන බවට එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පෙන්වා දී ඇත. එබැවින් සංචාරකයින් රැගෙන යාමේදී සංචාරක බුබුළු ක්‍රමවේදය යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරමින් කටයුතු කරන ලෙසට ඊට අදාළ ආයතන වෙත උපදෙස් ලබාදී තිබේ. මේ අතර එලෙස කටයුතු නොකරන පුද්ගලයින් සහ ආයතන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇය පේනවා දී ඇත.
 

More News..