brand logo

විදේශිකයන් 198ක් ලංකාවට එන්න ඔන්ලයින් ක්‍රමයට වීසා ඉල්ලයි

24 January 2021

    කටුනායක ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසුව ලංකාවට පැමිණීම සඳහා විදේශිකයන් 198ක් වීසා අයැදුම් කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශක ගයාන් මිලින්ද පැවසීය. වීසා අයදුම් කළ පුද්ගලයන්ගේ දත්ත කල්තියාම එක් රැස් කර ආරක්ෂක හේතූන්මත මෙරටට ගෙන්වීමට නොහැකි පුද්ගලයන් හැර අනෙක් සියලු දෙනාටම වීසා ලබාදීමට ද නියමිතය. ජනවාරි 21 වැනිදාට පෙර ඔන්ලයින් මගින් වීසා අයැදුම් කිරීමේ ක්‍රියාවලිය නවතා තිබිණි. කටුනායක ගුවන් තොටුපොළ විවෘත වීමත් සමග රටට එන විදේශිකයන් අතරේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පුද්ගලයන් සිටීද යන්න කල්තියා බුද්ධි මගින් හඳුනාගැනීමේ විශේෂ ඒකකයක්ද පත්කර ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..