brand logo

විදේශිකයන් ද ඇතුළුව 1020ක් මෙරටට පැමිණෙයි

25 April 2021

විදෙස්ගතව සිටි 1020 දෙනෙකු ගත වූ පැය 24 තුළ දිවයිනට පැමිණ තිබේ. එම පිරිස කොවිඩ් වසංගතය හමුවේ, විදෙස්ගතව සිර වී සිටි ශ්‍රමිකයින් පිරිසකි. කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ , එලෙස පැමිණි පිරිසෙන් 110 දෙනෙකු පමණ විදෙස් ජාතිකයින් බවය. පැමිණි ලාංකික ශ්‍රමිකයින් පිරිස මාලදිවයින, ජපානය, චීනය, කුවෙට්, සෞදි අරාබිය, දෝහා කටාර් සහ ඩුබායි ඇතුළු රටවල් රැසක සිට පැමිණ තිබෙන බව වැඩි දුරටත් සඳහන් කර ඇත. පැමිණි පිරිස සියලු දෙනා මේ වනවිට නිරෝධායනය සඳහා යොමු කර තිබේ.
 

More News..