brand logo

විදෙස් සරසවි ශ්‍රී ලාංකික සිසුන්ට තානාපති කාර්යාල මගින් සහන

27 March 2020

කොවිඩ් -19 ව්‍යාප්ත වී ඇති විදේශීය රටවල සරසවි සහ අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට තානාපති කාර්යාල මගින් අවශ්‍යය සහන සැලසීමට උපදෙස් ලබා දී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ‘අරුණ’ට පැවසුවේය. එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සරසවි නේවාසිකාගාරවල සුරක්ෂිතව සිටිති. ඔවුන්ගේ එකම ඉල්ලීම මව්රටට පැමිණීම වුවද, ගුවන් තෙටුපොළ වසා දමා තිබීම නිසා එය ඉටු කළ නොහැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඇතැම් රටවලද ගුවන් තොටුපොළ මේ වන විට වසා දමා තිබේ. මෙම දරුවන් පිළිබඳ අමාත්‍ය මණ්ඩල රුස්වීමේදීද පෙරේදා (25 වැනිදා) සාකච්ඡා කළ බවද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අනාවරණය කළේය. මේ අතර ඔස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකික සිසුන් 5000 කට ආසන්න පිරිසක්ද මෙරටට යළි පැමිණිය යුතු බව තානාපති කාර්යාලයට දැනුම් දී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. එම සිසුන් අධ්‍යාපනය ලබන අතර සුළු රුකියාවලද නිරත වූවත් කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම නිසා එම රැකියා අවස්ථාද අහිමි වී ඇත. එම නිසා ඔස්ට්‍රේලියාවේ රජය විදේශීය සිසුන් සියලු දෙනාටම දීමනාවක් ලබා දීමටද අවධානය යොමු කර ඇත.   උදයජීව ඒකනායක
 

More News..