brand logo

විදෙස් සංචාරකයන්ට ගුවන්තොටුපොළ වෛද්‍ය පරීක්ෂණ එපා - තානාපති කාර්යාල රජයට යෝජනා කරයි

05 January 2020

දිගුකාලීනව ශ්‍රී ලංකාවේ පදිංචිය සඳහා පැමිණෙන විදේශිකයන් සහ වසංගත රෝග පැතිර යන රටවලින් පැමිණෙන සංචාරකයන් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිදු කරන වෛද්‍ය පරීක්ෂණ නතර කරන ලෙසට තානාපති කාර්යාල රජයට යෝජනා කර තිබේ. ඒ අනුව සෞඛ්‍යය අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ පිළිබඳ සකස් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. මෙම පරීක්ෂණය නිසා විදේශීය ජාතිකයන්, ආයෝජකයන් දැඩි අසීරුතාවට පත්වන බව තානාපති කාර්යාල රජයට පෙන්වා දී තිබේ. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මෙම යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. වසංගත රෝග ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීමේ අරමුණින් මෙම වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම 2018 වසරේදී ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාව මැලෙරියා, බරවා, සරම්ප, මවගෙන් දරුවාට වැලඳෙන ඒඩ්ස් වැනි වසංගත රෝග රැසක් තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත. මෙම රෝග යළි ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීමේ අරමුණින් විදේශිකයන් සඳහා මෙම වෛද්‍ය පරීක්ෂණය ආරම්භ කරන ලදී. උදයජීව ඒකනායක
 

More News..