brand logo

විදෙස් රටවල සිරවූ ලාංකික සිසුන්ට මුදල් යැවීමට අවසර

21 April 2020

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය නිසා සිදුකර ඇති අගුලු දැමීම සහ විවිධ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන්ට අවශ්‍ය මුදල් යොමු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසර ලබාදී ඇත. එම සිසුන්ගේ ජීවන වියදම් පියවා ගැනීමට සහ අර්බුදය අවසන් වනතුරු ඔවුන්ව තවදුරටත් සුරක්ෂිතව එම රටවල තබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන්ට සහ හිතවතුන්ට මෙලෙස අදාළ රටවලට මුදල් ප්‍රේෂණය කිරීමේ අවස්ථාව ලබාදී ඇත. ඒ අනුව ඊට අවශ්‍ය සාක්ෂි ලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බලපත්‍ර ලාභී වාණිජ හෝ විශේෂිත බැංකුවක් ඔස්සේ විදේශ විනිමය යොමු කිරීමේ හැකියාවකුත් මහ බැංකුව විසින් ලබාදී තිබේ.   නයන තරංග ගමගේ
 

More News..