brand logo

විදෙස් රටවල සිටින තවත් 5000 ක් මෙරටට පැමිණීමට ඉල්ලති

01 April 2020

විදෙස් රටවල ඉගෙනුම ලැබීමට හා රැකියා සඳහා ගොස් සිටින තවත් පන්දහසක් පමණ මෙරටට පැමිණීමට ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇති බව ගුවන්තොටුපොළ සභාපති මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි අරුණ කළ විමසුමකදී පැවසීය. උගන්ඩාව, කෙන්යාව, මැඩගස්කරය ඇතුළු රටවල්වලින් එම රටවල සිටින ශ්‍රී ලාංකික තානාපතිවරුන් මාර්ගයෙන් මෙම ඉල්ලීම් ලැබී ඇත.
කටුනායක ගුවන්තොටුපොළ වෙත විදෙස් රටවල සිට ගුවන් මගින් පැමිණීමේ තහනම ලබන 07 වැනිදා තෙක් කාලය දීර්ඝ කර තිබේ. •තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..