brand logo

විදෙස් නැවියන් පිරිසක් දිවයිනට

15 July 2020

කොළඹ සහ ගාල්ල වරායවල නැංගුරම් ලා ඇති නැව්වල සේවය කිරීම සඳහා විදේශීය නාවිකයන් 47 දෙනෙකු කටුනායක සහ මත්තල ගුවන්තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. අද (15) අලුයම කටාර් රාජ්‍යයේ දෝහා සිට මෙම පිරිස කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බව වාර්ථා වෙයි. මේ අතර ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6-ඊ 9093 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ බැංගලෝර් සිට තවත් විදේශීය නාවිකයන් 05 දෙනෙකු මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවේ රැඳී සිටි නාවිකයන් 17 දෙනෙකු රැගෙන ඉන්දියාවේ බැංගලෝර් වෙත මත්තල ගුවන්තොටුපළෙන් යළි ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
 

More News..