brand logo

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ප්‍රමුඛතාව සිසුන්ට

11 June 2020

මෙරටට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛතාව හිමිවන්නේ රැකියා සඳහා ගිය සේවකයන් නොව සිසුන්ට බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ පැවැසීය. සිසුන් ගෙන්වා ගැනීමෙන් පසු අදාළ සේවකයන් නැවත මෙරටට ගෙන්වා ගන්නා බවද ඔහු කීවේය. එක්සත් ජනපදය, බෙලරුස් සහ පිලිපීනය යන රටවල සිසුන් 400කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බවද, අතිරේක ලේකම්වරයා අනාවරණය කළේය. ‘දැනට අපි සිසුන්ට ප්‍රමුඛත්වය දෙනවා. සිසුන් 275කට ආසන්න පිරිසක් අද (11 වැනිදා) පිලිපීනයෙන් පැමිණෙනවා. තාවකාලික වීසා බලපත්‍ර මත විදේශගත වූ අයව ඊළඟට ගෙන එනවා. ඉන්පසු අපි ගර්භණී කාන්තාවන්, රැකියා අහිමි වූවන් සහ ප්‍රමුඛතා පදනමින් රැකියා සඳහා ගිය සේවකයන් ගෙන්වා ගන්නවා’ යැයි අද්මිරාල් කොළඹගේ පැවැසීය. නයන තරංග ගමගේ
 

More News..