brand logo

විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණ ක්‍රමවේදයක්

18 May 2021

    ශ්‍රී ලංකික විගමනික ශ්‍රමිකයන් සඳහා සුදුසු රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම සඳහා කම්කරු අමාත්‍යවරයා ගෙන ආ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල එකඟතාව හිමිව තිබේ. විගමනික ශ්‍රමිකයින් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදෙස් ශ්‍රමික රක්ෂණ ආවරණයක් සලසා තිබෙන අතර එමගින් මරණයකදී රුපියල් 600,000ක් හා පූර්ණ ආබාධිත තත්වයකදී රුපියල් 400,000ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීම සිදුවෙයි. කෙසේ නමුත් එමගින් ගෘහස්ත හෝ වැඩ බිම්වලදී සිදුවන අනතුරු සඳහා කිසිදු ආවරණයක් සිදුනොවන බව කම්කරු අමාත්‍යංශය සඳහන් කර ඇත. එබැවින් විගමනික ශ්‍රමිකයින්ට වැඩ බිම්වලදී සිදුවන නොයෙකුත් කාර්මික සහා ගෘහස්ත අනතුරු, විවිධ රෝගාබාධ මෙන්ම හාම්පුතුන්ගෙන් සිදුවන පීඩාවන් සහ හිරිහැර හේතුවෙන් ඇතිවන මානසික සහ සෞඛ්‍ය ගැටලු සඳහා ආවරණයක් සැලසෙන අයුරින් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්කර තිබේ.
 

More News..