brand logo

විදෙස්ගත ලාංකිකයන් 64ක් මියගිහින්

05 October 2020

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීමෙන් මේ වන විට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 64 දෙනෙකු මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ජෝර්දානයේ ඇඟලුම් කම්හලක සේවය කරන ශ්‍රී ලාංකිකයකුද පසුගිය 03 වැනිදා වයිරසය ආසාදනය වී මියගිය බව කාර්යාංශ වාර්තා තහවුරු කරයි. මරණයට පත්වූ අදාළ ශ්‍රී ලාංකිකයා සේවය කළ ඇඟලුම් කම්හලේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් 350කට අධික සංඛ්‍යාවකටද කොවිඩ්-19 වයිරසය ආසාධනය වී ඇති අතර ඔවුන් මේ වන විට මළ මුහුද ආශ්‍රිත මධ්‍යස්ථානයක රඳවා ඇති බවද කාර්යාංශය අනාවරණය කරයි. මේ වන විට කොවිඩ්-19 වයිරසය ආසාධනය වී ඇති විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 2600කට අධිකය. මෙම ආසාධිතයන් සම්බන්ධයෙන් එක් එක් තානාපති කාර්යාලවල කාර්ය මණ්ඩල විශේෂ අවධානය යොමු කරමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි. මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාධනය වී මියගිය පුද්ගලයන් සඳහා රුපියල් ලක්ෂ 5ක වන්දි මුදලක් ලබාදී‍ම් වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක අතර ඒ යටතේ මියගිය පුද්ගලයන්ගේ සමීපතයන්ට එම වන්දි මුදල් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගනිමින් සිටින බවද එම ප්‍රකාශකයා පැවසීය. නයන තරංග ගමගේ
 

More News..