brand logo

විදෙස්ගත ලාංකිකයන් 314ක් දිවයිනට

29 September 2020

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 03ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 314 දෙනෙකු අද (29) දින දිවයිනට පැමිණ තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට අද (29)අලුයම 12.15 ට ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . කටාර් රාජ්‍යයේ දෝහා සිට අද(29)අලුයම 1.45 ට ශ්‍රී ලාංකිකයන් 46 දෙනෙකු කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. කටාර් රාජ්‍යයේ දෝහා සිට අද(29)අලුයම 5.15 ට ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් නුවර සිට අද(29)දහවල් 11.15 ට ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1506 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . ගුවන් මගීන් සියලුදෙනා පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව නීරෝධායන කටුනායක සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් යොමු කර තිබේ .
 

More News..