brand logo

විදෙස්ගතව සිට පැමිණෙන්නන් ඡන්දය ප්‍රකාශ කිරීමට විදෙස් ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතුයි

01 November 2019

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට විදේශගතව සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකය ඡන්ද දායකයින් සිය විදෙස් ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතු බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එසේ නොවන අවස්ථාවල ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී සිය අනන්‍යතාවය තහවුරු කිරීම සදහා ඔවුන්ට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් සදහන් කර තිබේ. අදාළ ප්‍රකාශය ජනාධිපතිවරණ පනතේ විධිවිධානවලට අනුව සිදුකළ අතර, එසේ නොකරන පුද්ගලයින් හට ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පත්‍රිකාවක් නිකුත් නොකෙරෙන බව එම නිවේදනයේ සදහන් වේ.
 

More News..