brand logo

විදෙස්ගතව පැමිණෙන අයට සීමා පැනවෙයි

17 April 2021

විදෙස්ගතව මෙරටට පැමිණෙන පුද්ගලයන් අතරින් කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් හඳුනාගැනීම නිසාවෙන් ඉදිරියේදී විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සීමා කිරීමට හෝ පාලනයකට ලක්කිරීමට සිදුවිය හැකි බව සඳහන් කර තිබේ. වසංගත රෝග විද්‍යා අංශය මේ බව සඳහන් කරයි. මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 52,710 දෙනාගෙන් 1,593 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. එසේම අප්‍රේල් මස සිට මේ දක්වා කාලය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 3,480 දෙනාගෙන් 538 දෙනෙකුම මැදපෙරදිග සහ යුරෝපය ඇතුළු රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවද ඔහු සඳහන් කරයි. තවද කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් බොහෝ රටවල සංචරණ සීමා දැඩි කිරීමට සහ ගුවන් ගමන් අත්හිටුවීමට පියවරගෙන ඇත. මේ තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ පවතින සාධනීය තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම සඳහා විදෙස් රටවල සිට පැමිණෙන පිරිස් කිසියම් සීමා කිරීමකට හෝ පාලනයකට ලක් කිරීමට සිදුවන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.
 

More News..