brand logo

විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පැය 3ක්

03 December 2021

විදුලිබල මණ්ඩලයෙන් පණිවිඩයක්

දිවයින පුරා බිද වැටී ඇති විදුලි සැපයුම යළි යථා තත්ත්වයට පත් කිරීමට පැය 03ක පමණ කාලයක් ගත වනු ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි. විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ විදුලි සැපයුම යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවන බවයි. මේ අතර විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ විදුලිය බෙදාහරින සම්ප්‍රේෂණ පද්ධතියේ හටගත් දෝෂය මෙම තත්ත්වය ඇතිවීමට හේතුවී ඇති බවයි.   සබැදි පුවත් 

දිවයින පුරා විදුලිය බිඳවැටෙයි

 

More News..