brand logo

විදුලි බිල නිසා වැසෙන්න යන කර්මාන්තය

15 August 2022

චීනෙනුත් මිල දී ගැනීම සීමා කරලා

විදුලිබිල වැඩිවිමත් සමග කොහුමෝල් පවත්වාගෙන යාමේ දි ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බව සුළු හා මධ්‍ය පරිමාන කොහු මෝල් හිමියන් පවසති. විදුලිබල වැඩිවිම නිසා කොහු මොල් හිමියෙකුට රුපියල් 20000ක පමණ අමතර මුදලක් දැරිමට සිදුව ඇති බවද කොහුමොල් හිමියන් පෙන්වාදෙති. විදුලිබිල වැඩිකිරිමට පෙර කොහු මෝලක් පවත්වාගෙන යාමේ දි මාසික විදුලිබිල රුපියල් 35000ක් පමණ වු අතර විදුලිබිල වැඩිවිමත් සමග විදුලිබිල රුපියල් 55000 දක්වා වැඩිවිය හැකි බවද කොහු මොල්හිමියන් පවසති. නඩත්තු වියදම්,සේවකයින්ගේ වැටුප් මෙන්ම ප්‍රවාහන වියදම් ඇතුළු අනිකුත් වියදම් වැඩිවිම නිසා මේවනවිට කොහු නිෂ්පාදන වියදම ද විශාල වශයෙන් වැඩිවි ඇති බවද ඔවූන් පෙන්වාදෙති. දකුණු පළාතේ කොහු හා කොහු ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික ධම්මික සුජිත් කුමාර පවසා සිටියේ නිෂ්පාදන වියදම වැඩිවිම නිසා කොහුමෝල් පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් පවතින බවයි. දකුණු පළාතේ කොහුමෝල් 210ක් පමණ තිබුන ද ඉන් කොහු මොල් විශාල සංඛ්‍යාවක් වැසිගොස් ඇති බවත් ඔහු පැවසීය. එමෙන්ම මෙතෙක් චීනයට කොහු විශාල වශයෙන් අපනයනය කළ ද එයද සීමා කර ඇති බැවින් කොහු මෝල් හිමියන්ට විශාල පාඩුවක් සිදු වී ඇති බව ඔහු තව දුරටත් ප්‍රකාශ කළහ. ජෙනරේටර් සදහා ද ඉන්දන ලබා දීමේ විශේෂ වැඩ පිළිවෙලක් නොමැති නිසා කොහු මෝල් හිමියන් සදහා සහනයක් ලබාදෙන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව කොහු ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික ධම්මික සුජිත් කුමාර සදහන් කළේය. එච් එම් සමන් - අක්මීමන
 

More News..