brand logo

විදුලි බල අර්බුදයක් ඇතිවීමේ අවදානම අතලඟයි - රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න

02 February 2020

පැවති යහපාලන රජය පසුගිය වසර පහතුළ වැඩිවන විදුලිබල ඉල්ලුමට අවශ්‍ය පරිදී විදුලිය ජනනය කිරීම වෙනුවෙන් සැලසුම් විරහිතව කටයුතු කිරීම නිසා මේ වසරේ අප්‍රේල් මාසය වන විට බරපතල විදුලිය අර්බුදයකට මුහුණ දීමට අපට සිදුවනු ඇති බව හිටපු විදුලිබල අමාත්‍යවරයෙකු සහ වත්මන් රජයේ ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් පළකලේ ඊයේ (01) රක්වාන පහල ගම්මැද්ද ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා....... මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය පාලන කාලය තුළ තමයි රටේ හැම ගමකම අස්සක් මුල්ලක් නෑර විදුලිය ලබා දෙන්න අපිට හැකිවුනා . මේ ගම්වලත් අපි හැම තැනටම විදුලිය දුන්නා.නමුත් අපි එහෙම විදුලිය දුන්නේ සැලසුම් සහගත වැඩපිලිවෙලක් අනුවයි.මහින්ද මහත්තයගේ මඟ පෙන්වීම යටතේ එම කාලයේ දැවැන්ත විදුලි බලාගාර ගණනාවක් ඉදිකිරීමට විදුලි බල ඇමැතිවරයා ලෙස මට අවස්ථාව ලැබුණා. නොරොච්චෝලේ, කෙරවපිටිය, ඉහල කොත්මලේ විදුලි බලාගාර අපි ඉදිකරලා රටේ විදුලි ජනන පද්ධතිය ශක්තිමත් කලා.ඒ කාලේ රටේ ජනගහනයෙන් 60%කට පමණ තිබුණු විදුලිය අපි රටේ සමස්ත ජනගහනයෙන් 95%කට දුන්නා. ඉදිරියේදී දැඩි නියං තත්වයක් ඇතිවීමේ අවධානමක්ද මේ වන විටමතුවතිබෙනවා. ඒ වගේම 2015 වර්ෂයේත් අපගේ විදුලිබල උත්පාදන සැලැස්ම අනුව විදුලි බලාගාර ගණනාවක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණත්, යහපාලන රජය පසුගිය අවුරුදු පහ පුරාවට මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ ඉදිකල විදුලි බලාගාරවල අඩුපාඩු සෙවීමට කාලය වැය කලා හැරෙන්නට කිසිදු විදුලි බලාගාරයක් අළුතින් ඉදිකිරීමට අපොහොසත් වුණා.අපි ඉදිකල නොරොච්චෝලේ බලාගාරය විගණාකාධිපති වාර්තාව අනුව රටට සිදුකළ විශාල ආයෝජනයක් සහිත ව්‍යාපෘතියක් ලෙස පෙන්වා දීමත් සමග ඔවුන් නිහඬ වුණා. රටේ විදුලි බල අවශ්‍යතාවය විදුලිබල මණ්ඩලයට ලබා දීමට නොහැකිවන විට හදිසි විදුලි මිලදී ගැනීම් වලට යාමට සිදුවෙනවා.එතනදී තමයි විශාල වංචාවන් සිදුවෙන්නේ.පසුගිය රජය සමයේ සිදුකල එවැනි මිලදීගැනීම් සමග අද විදුලිබල මණ්ඩලය විශාල පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලා.නමුත් එවැනි වංචාවන්ට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය තුළ කිසිදු ඉඩක් නොමැති බව අපි කවුරුත් දන්නවා. ඒ වගේම ජනාධිපතිතුමා ඇතිවිය හැකි විදුලි අර්බුදයකට දැන් සිටම මුහුණ දීමට අවශ්‍ය උපදෙස් වගේම විදුලිබල උත්පාදනය සඳහා අනුගමනය කළහැකි ආර්ථිකමය වශයෙන් ලාභදායී විදුලිබල උත්පාදන ක්‍රම සම්බන්ධවත් විෂයභාර අමාත්‍යවරුන් සහ නිලධාරීන්ව මේ වන විටත් දැනුවත් කර තිබෙනවා. අපි සෑම උත්සාහයක්ම ගන්නවා ජනතාවට කප්පාදුවකින් තොරව විදිලිය ලබාදීමට. පසුගිය රජය කිසිදු සැළකිල්ලක් හො වැඩපිලිවෙලක් විදුලිය සම්බන්දව සිදුකලේ නැති බැවින් තත්වය දැන් සංකීර්න තත්වයට පත්ව ඇති බවද අමාතත්‍යවරයා පැවසීය. මෙම අවස්ථවාව සඳහා වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වන ඉන්ද්‍රජිත් සමන්ජීව,කුසුමා ඇලපාත යන මහත්ම මහත්මීන් ඇතුඵ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක්ද විශාල ජනතාවක්ද එකත්ව සිටියහ.
 

More News..