brand logo

රවී මාස තුනකට විදුලි පහන් 2ක් නිවාදමයි

27 March 2019

විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඉදිරි මාස 3ක කාලය තුළ සියලුම නිවෙස්වල විදුලි පහන් 2ක් නිවා දැමීම ඇතුළු ක්‍රියාමාර්ග කිහිපයක් එම යෝජනාවට ඇතුළත් වෙයි. මෙරට දෛනික විදුලි අවශ්‍යතාවය මෙගාවොට් 2600ක් වුවත්, පවතින වියළි කාලගුණයත් සමඟ සැපයිය හැකි උපරිම ධාරිතාව වී ඇත්තේ මෙ.වොට් 2260ක් පමණයි. මේ හේතුවෙන් විදුලි අවශ්‍යතාවයෙන් මෙගා වොට් 340ක හිඟයක් දෛනිකව පවතියි. එම යෝජනාවට අනුව ඉදිරි මාස 3ක කාලය තුළ සියලුම නිවෙස්වල විදුලි පහන් 2ක් නිවා දැමීම, රාජ්‍ය ආයතන, ආගමික හා වාණිජ ස්ථානවල විදුලි පරිභෝජනයෙන් 10%ක ප්‍රමාණයක් අඩු කිරීම, අනවශ්‍ය වීදි පහන් නිවා දැමීම හා සාමාන්‍ය දිනවලදී වීදි පහන් නිවීම සිදුකරන වේලාවට පැයකට පෙර සියලුම විදුලි පහන් නිවීම යන ක්‍රියාමාර්ග වලට එළැඹීමට නියමිතයි.
 

More News..