brand logo

අයහපත් කාලගුණය නිසා ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම්

26 May 2021

දිවයිනට බලපාතිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය ඇනහිටීම් සිදුවී තිබේ. දඹුල්ල, කුරුණෑගල‍, කෑගල්ල, කුලියාපිටිය, රත්නපුර, ඉංගිරිය සහ බලංගොඩ යන ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයින් 76,000 ක් පමණ මේ ආකාරයට පීඩාවට පත්ව ඇත. මේ වනවිට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු අරඹා තිබෙන බවත් පවත්නා වැසි සහිත බව සහ සුළං තත්ත්වය හේතුවෙන් එම කටයුතු සඳහා බාධා එල්ලවී ඇති බවත් වාර්තා වෙයි. කෙසේ වෙතත් විදුලි සැපයුම කඩිනමින් යතා තත්වයට පත්කරන බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කරයි.
 

More News..