brand logo

විදුලිය කැපීම කඩාකප්පල්කාරී වැඩක්

05 February 2020

දිවයින පුරා පිහිටි ඩීසල් විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග ප්‍රමාණවත් තරම් ලබාදී තිබියදී පෙරේදා (03 වැනිදා) විදුලිය කප්පාදු කිරීම කුමන්ත්‍රණයක් දැයි සොයා බැලීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය අභ්‍යන්තර විමර්ශනයක් ඊයේ (04 වැනිදා) අරඹා ඇත. අභ්‍යන්තර විමර්ශනයක් අරඹයි විදුලි බල හා බල ශක්ති ඇමැති මහින්ද අමරවීරට හෝ මහජන උපයෝගීතා කොමිෂන් සභාවට හෝ මහජනතාවට නොදන්වා විදුලි බල මණ්ඩලය විදුලි කප්පාදුව සිදුකර ඇති බව අනාවරණය වී තිබේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් විදුලි බලාගාරවලට අවශ්‍ය තරම් ඉන්ධන තොග ලබාදී ඇති බවත්, හිඟයක් ඇතිවූයේ නම් පැය තුනක් (03) වැනි කාලයක් තුළ ඉන්ධන සැපයීමට හැකියාව තිබූ බව සංස්ථාව අමාත්‍යංශයට දැනුම් දී ඇත. එහෙත් එවැනි ගැටලුවක් පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලය සංස්ථාව දැනුවත් කර නොමැත. විෂය භාර ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ඊයේ (04 වැනිදා) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය. මෙම සාකච්ඡාවට විදුලි බලමණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරීහු එක්ව සිටියහ. කෙසේ වෙතත්, මෙම විදුලි කප්පාදුව අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් පෙරේදා (03 වැනිදා) පස්වරුවේම නතර විය. උදයජීව ඒකනායක
 

More News..