brand logo

විදුලිබල ගැටළු දෛනිකව විමර්ශනය කිරීමට සය පුද්ගල කමිටුවක්

10 February 2020

අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධයෙන් විදුලිබල ගැටළු දෛනිකව විමර්ශනය කර වාර්තා කිරීමට සය පුද්ගල කමිටුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පත්කර තිබෙන බව ඛනිජ තෙල් අමාත්‍යාංශයේ අද (10) පැවති සාකච්ඡාවකදී පැවසීය. ලංකා විදුලිබල මණ්ඩලයත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් විදුලිබලය සැපයීමේදී අවබෝධයෙන් යුතුව කටයුතු කළයුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙයි. විදුලිබල අමාත්‍යාංශය නියෝජනය කරමින් අතිරේක ලේකම්වරයෙක්, විදුලිබල අමාත්‍යාංශයේ එක් නිලධාරියෙක්, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙක් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් දෙදෙනෙක් ඇතුළත්ව තිබේ.
 

More News..