brand logo

විද්‍යා ඝාතකයාගේ ලක්ෂ පහේ යතුරු පැදිය රට පැන්න CID ලොක්කා ළග

17 February 2020

යාපනය විද්‍යා දැරිය ඝාතකයන්ට අයත් රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් යතුරුපැදියක් ව්‍යාජ අංක තහඩු යොදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත කන්දප්පා විසින් යාපනයේ සඟවා තබාගත් සිද්ධියක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් අරඹා ඇත. මෙම යතුරුපැදිය යාපනය පොලිසියේ ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයේ වසර පහක් පමණ රඳවා තබා ගනිමින් නඩු කටයුතු සඳහා යාපනයට ගිය අවස්ථාවල එය භාවිත කර ඇතැයි හෙළිවී තිබේ. පොලිස් පරීක්ෂක නිශාන්ත කන්දප්පා විද්‍යා දැරියගේ ඝාතන සිද්ධියේ විමර්ශන මෙහෙයවූ අතර මෙහිදී ප්‍රධාන සැකකරුවකු සතුව තිබී නඩු භාණ්ඩයක් ලෙස මෙම යතුරුපැදිය අත්අඩංගුවට ගෙන ඇත. පසුව එහි අංක තහඩු වෙනස් කර භාවිත කර ඇතැයි හෙළිවී තිබේ. පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා කන්දප්පා ජනාධිපතිවරණයෙන් පසු ස්විට්සර්ලන්තය වෙත පැනයාමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්නට ලද පැමිණිල්ලක් මත යතුරුපැදිය යාපනය පොලිසියේ රඳවා විමර්ශන අරඹා ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..